තලේබාන් තර්ජන හමුවේ ඇෆ්ගන් බොක්සිං ශූරියක් රට හැර යයි

Monday, 13 September 2021 - 10:35

%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තලේබාන් සංවිධානයෙන් එල්ල වූ මරණීය තර්ජන හමුවේ ඇෆ්ගනිස්ථානයේ බොක්සිං ශූරියක් වෙන සීමා රෙසායි කටාර් රාජ්‍යය බලා පිටත් ව ගොස් තිබෙනවා.

බොක්සිං පුහුණුවීම් ආරම්භ කළ යුතු බැවින් තම පවුල නොමැති ව තනි ව රට හැර දා යාමට ඇය, තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කටාර් රාජ්‍යය වෙත ගොස් සිටින ඇය,  ඇමරිකානු වීසා අපේක්ෂාවෙන් මේ වෙනවිට පසු වෙන බව සඳහන්.

පසුගිය අගෝස්තු මාසයේ දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කරගන්නා අවස්ථාවේ සීමා රෙසායි සිය පුහුණුකරු සමඟ බොක්සිං පුහුණුවීම්වල නිරත ව සිට තිබෙනවා.

පිරිමි පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම හේතුවෙන් ඇයට වරින් වර ලිඛිත ව පුහුණුවීම් නතර කරන ලෙස දන්වා තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.