චන්තු නිසා ෂැංහයි හි ගමනාගමනය නවතී

Monday, 13 September 2021 - 14:55

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
චන්තු සුළි කුණාටුව හේතුවෙන් චීනයේ ෂැංහයි ප්‍රාන්තයේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.  

එමෙන්ම එම ප්‍රාන්තයේ සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර, උමං දුම්රිය ගමනාගමනයද නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

චීන කාලගුණ අංශ කියා සිටියේ ආරම්භයේදී මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 170 ක වේගයෙන් හමා යමින් තිබූ අතර, මේ වනවිට එහි වේගය අඩුවී ඇති බවයි.

මෙම සුළිකුණාටුව මීට දින දෙකකට පෙර වියට්නාමයට සහ තායිවානයට ද බලපෑ අතර ඒ හේතුවෙන් එම රටවල දැඩි වර්ෂාපතනයක් මෙන්ම ජලගැලීම් ද ඇති වුණා.