පොරොන්දු කඩමින් තලේබාන් පාලකයින් ඇෆ්ගන් වැසියන් විසි දෙනෙකු ඝාතනය කරයි

Tuesday, 14 September 2021 - 7:54

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් හා විරුද්ධ කණ්ඩායම් අතර පන්ජ්ෂීර් නිම්නයේ ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ ගැටුම් පැවති නිම්නයේ සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති අතර, තලේබාන් සංවිධානය පොරොන්දු කඩ කරමින් සිවිල් වැසියන් ඝාතනය කිරීම වාර්තා කිරීම පවා අසීරු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් බී.බී.සී පුවත් සේවය අනාවරණය කළේ, සිවිල් වැසියෙකු ඝාතනයට ලක්වන අයුරු දැක්වෙන දර්ශණ තමන් වෙත ලැබී ඇති බවයි.

එමෙන්ම ප්‍රතිවිරුද්ධ සටන්කාමීන්ට සිම් පත් අලෙවි කළ බවට චෝදනා කරමින් පසුගිය දා තවත් සිවිල් වැසියෙකු සටන්කාමීන් අත් අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් තමන් දිළිඳු සාප්පු හිමියෙකු බවත් යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු දිගින් දිගට ම ප්‍රකාශ කර තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහෙත් ඊට දින කිහිපයකට පසු තලේබාන් සටන්කාමීන් එම සාප්පු හිමිකරුගේ දේහය නිවස අසල දමා ගොස් තිබූ බවයි එම වාර්තාවල තවදුරටත් දැක්වුණේ.