ඇමරිකානු ජනපති සහ ජපාන, ඉන්දීය හා ඕස්ට්‍රේලියානු නායකයින් අතර හමුවක් ලබන සතියේ

Tuesday, 14 September 2021 - 9:04

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B7%8F+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය යටතේ මුහුණට මුහුණ සිදුවන පළමු රාජ්‍ය නායක සමුළුව ලබන 24 වනදා ඇමරිකාවේදී ආරම්භවීමට නියමිතයි.

ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන රටවල් හතරේ එකතුවෙන් සැදුම්ලත් ක්වොඩ් රාජ්‍ය නායක සමුළුව මෙලෙස ලබන සතියේදී පැවැත්වෙන බවයි ධවල මන්දිරය නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා ලබන සතියේදී ඇමරිකාවට පැමිණීමට නියමිතයි.

කොරෝනා එන්නත්කරණය, දේශගුණික විපර්යාසය සහ චීනය සිදුකරන මැදිහත්වීම් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.