ලොව පුරා අධික උෂ්ණත්වය පවතින දින ගණන දෙගුණයකින් ඉහළ යයි

Tuesday, 14 September 2021 - 11:20

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B7%82%E0%B7%8A%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
1980 වසරේ වාර්තාවූ අධික උණුසුම පවතින දින ගණන මේ වනවිට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව විද්‍යාඥයන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව 1980 - 2009 අතර කාලයේ සෙල්සියස් අංශක පණහ හෝ ඊට ආසන්න උෂ්ණත්වයක් පැවති දින ගණන 14 ක්. 2010 - 2019 අතර කාලයේ එය දින 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වර්තමානයේ එය දින 40 ක් දක්වා වැඩිවී ඇති බවයි මෙම සමීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ. මීට පෙර මෙවැනි උෂ්ණත්වයක් පැවතුණේ මැදපෙරදිග සහ ගල්ෆ්කලාපයේයි. වර්තමානයේ ඉතාලිය, කැනඩාව ආදී රටවලින්ද සෙල්සියස් අංශක 48 ඉක්මවූ උෂ්ණත්වයක් වාර්තාවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය කාලගුණ වෙනස පිළිබඳ කමිටු වාර්තාවෙන් ද අනාවරණ කෙරුණේ මෙම සියවස අවසානය වනවිට කාලගුණ වෙනසේ බලපෑමෙන් සාගර ජල මට්ටම මීටර් දෙකකින් පමණ ඉහළ ගොස් ලොව දූපත් රාජ්‍ය රැසක් මිහිපිටින් අතුරුදන්වීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

පොසිල ඉන්ධන දහනය කිරීම මෙම උෂ්ණත්වය ඉහළ යාමට සියයට සියයක්ම හේතුවී ඇති බව ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික වෙනස්වීම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ෆෙඩ්රික් ඔටෝ ප්‍රකාශ කළා.