නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් හමුවේ

Tuesday, 14 September 2021 - 14:54

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් අද දහවල් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබී මෙම අත්බෝම්බය සොයා ගත් බවයි.

එය කවුරුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ආවේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එය නිශ්ක්‍රීය කිරීම සඳහා මේ වන විට පොලීසිය කටයුතු කරමින් සිටිනවා.