හිරු අනාවරණයෙන් පසු, නිරෝධායන ජාවාරම ගැන ක්‍රියාමාර්ග ගන්න ජනපතිගෙන් උපදෙස් (වීඩියෝ)

Tuesday, 14 September 2021 - 16:57

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිරු පුවත් ඔස්සේ අනාවරණය කළ විදේශ ශ්‍රමිකයන් හෝටල් නිරෝධායන ජාවාරම පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ වංචාව සම්බන්ධයෙන් අප අනාවරණය කළ පුවත පහතින්.

කෙටි කාලයක් ඇතුලත කටුනායක ගුවන්තොටුපල තුලදීම ජනතාව කිසිදු අපහසුතාවකට ලක් නොකොට රැපිඩ්, පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට සියළු පහසුකම් පවතින පසුබිමක් තුල ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මෙරට බලධාරීන් මෙලෙස අධික ලෙස ජනතා මුදල් ගසාකෑමට ඉඩදී තවදුරටත් බලා සිටීම විමතියට කරුණක්.

මේ පිළිබඳව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ හෝටල් නිරෝධායනය සදහා යොමු කරන්නේ විදේශිකයන් පමණක් බවට අදාළ අංශ විසින් තමාට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව පෙනී යන්නේ විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන් විෂය භාර අමාත්‍යවරයාව පවා නොමඟ යවා මෙම ජනතා මුදල් ගසාකෑමට ඉඩ විවර කරදී ඇති නොවේද ?

අප මේ පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන්ද විමසීමක් කළා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

මේක ඉතා සංකීර්ණ ක්‍රියාවලියක කොටසක් පමණයි. ඒ නිසා හිතනවා මේ මොහොතේ එතුමාට කෙළින්ම අවධානය යොමුවෙලා නැතිකම මම හිතන්නේ තියෙන්නේ. ඒක මේ දක්වා කරගෙන ගිය දෙයක්. ශ්‍රී ලංකාවට පැමිණෙනකොට නිරෝධායනය වීමේ තමන් කැමති හෝටලයකට යන අවස්ථාවේ දී ප්‍රවාහන පහසුකම් සපයන්න සිදුවන්නෙත් එම හෝටලයමයි. ඒ නිසා ප්‍රවාහනය සඳහා යම් ආකාරයක අය කිරීමක් කරනවා. මේ සියල්ල ඒ හෝටලය සමඟ සාකච්ඡා කරලා ඒ ගෙවීම් කටයුතු පිළිබඳව ස්ථිර තත්වයකට ආවට පස්සේ තමයි ඒ හෝටල්වලට ඇවිල්ලා ඒ කටයුතු කරන්නේ.

සමන් රත්නප්‍රිය - සභාපති - රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

ඇත්තටම ඒක බිස්නස් එකක්, මේක ජාවාරමක්, ලාංකිකයෝ එනකොට කටුනායකදීම ඒ අය දවසකට හෝටලයකට දානවා. PCR කරනවා. PCR එකට 12,500ක් වගේ මුදලක්. දවසක හෝටලයේ වියදම රුපියල් 12,500ක් වගේ මුදලක් එකතු කරලා එක දවසට රුපියල් 25,000ක් ගසාකන තත්වයකට පත්වෙලා තියෙනවා.

පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි - සභාපති - සිංහලේ අපි ජාතික සංවිධානය

අපි විශේෂයෙන් ම දැක්කා හිරු මාධ්‍ය තුලින් විදේශගත ශ්‍රමිකයන් ලංකාවට පැමිණීමේදී හෝටල්වලට සහ නිරෝධායනයට  කියමින්, PCR වලට කියමින්, කෑම පැකට් එකට කියමින්, ඔවුන්ව ගසාකමින්, ඔවුන්ගේ මුදල් සූරාකමින් සිද්දකරන බරපතළ ව්‍යවසනයක් පිළිබඳව. රටට විදේශ විනිමය එවන විදේශගත ශ්‍රමිකයෝ පිළිබඳව මේ රජය දක්වන ආකල්පය ඉතාම තුච්ච, නින්දිත, නිහීන ප්‍රතිපත්තියක්. ඒක අපි මේ වෙලාවේ කියන්න ඕන.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගෙන්ද විදෙස් ශ්‍රමිකයන් හෝටල් සඳහා යොමුකිරීම සම්බන්ධයෙන් අප විමසීමක් කළා.

ඩලස් අලහප්පෙරුම - ජනමාධ්‍ය අමාත්‍ය

ප්‍රශ්නය - මේ පරීක්ෂණ සඳහා ගුවන්තොටුපොළේ පහසුකම් තියෙද්දී ඒවා පාවිච්චි කරන්නේ නැතුව පැය හතරේ පහේ වැඩේට යොමුකරනවා නිරෝධායන මධ්‍යස්ථාන වෙත.

පිළිතුර - ඇත්ත වශයෙන්ම ඔබ මෙය පෙන්වා දීම පිළිබඳව ස්තූතියි. අපි ගුවන්තොටුපොළ අභ්‍යන්තරයේ මේ සියලු පහසුකම් නිර්මාණය කළා. ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා ගුවන්තොටුපොළ අධිකාරිය අදාළ අමාත්‍යංශය සියලු දෙනාම. එසේ තිබියදී ඔබ සඳහන් කරන ආකාරයේ යම් අකටයුත්තක් වෙනවා නම් ඒක ප්‍රශ්නකාරීයි, ගැටළුසහගතයි. මේ මොහොත වෙනකම් ඉතාම අවංකයෙන් මම ඔබට කියන්නේ මේ පිළිබඳව අවබෝධයක් තිබුනේ නෑ. මතුකරපු ප්‍රශ්නය අපි අද දවස තුළදීම යොමුකරනවා.