නෝර්වේ රාජ්‍යයට නව අගමැතිවරයෙක්

Tuesday, 14 September 2021 - 20:05

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
නෝර්වේ රාජ්‍යයේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් වසර අටක් බලයේ සිටි අගමැතිනී එර්නා සොල්බර්ග් පරාජයට පත්වී තිබෙනවා.

ඡන්ද විමසීමේදී පාලක කොන්සර්වේටිව් පක්ෂය පරාජය කරමින් මධ්‍ය වාමාංශික සන්ධානය ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඒ අනුව එම සන්ධානයේ කම්කරු පක්ෂයේ නායක ජොනාස් ගහාර් නෝර්වේ රාජ්‍යයේ මීළඟ අගමැති ධුරයට පත්වනු ඇති.