අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම වැසි

Wednesday, 15 September 2021 - 6:20

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
සබරගමුව,බස්නාහිර,මධ්‍යම හා වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්වලටත් අද දිනයේ දී මද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලට හා ගාල්ල, මාතර යන දිස්ත්‍රික්වලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාතේ ඇතැම් තැන්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවට යි වාර්තා වෙන්නේ.

උතුර, උතුරු මැද පළාත්වලට හා හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලත් සුළඟේ වේගය පැ.කි.මී 40-50 දක්වා වැඩි විය හැකියි.

සුළඟ නිසා ඇතිවෙන අනතුරු හා අකුණු අනතුරුවලින් හැකිතාක් ආරාක්ෂා වීම සඳහා පියවර ගන්නා ලෙසට යි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.