හෙරොයින් සමඟ සැකකාරියක් අත් අඩංගුවට

Wednesday, 15 September 2021 - 7:53

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුර - විජිතපුර ප්‍රදේශයේ  අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමක දී හෙරො‍යින් සමඟ සැකකාර කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අවුරුදු 41ක අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 400ක් තිබූ බවයි වාර්තා වෙන්නේ.

අද (15) දින අදාළ සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, වාලච්චේන, බොරැල්ල යන ප්‍රදේශවලින් ද හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් නිල මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.