මලයාසියාවේදී මිය ගිය කාන්තාවගේ මරණය සැක සහිත බවට ඥාතීන්ගෙන් චෝදනා

Wednesday, 15 September 2021 - 8:21

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මලයාසියාවේ ගෘහ සේවයට ගොස් එහිදී සිය දිවි හානි කර ගත් බවට පැවසෙන කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බේරුවල - ගල්හේන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්.

ඇය පසුගිය 2019 වසරේ දෙසැම්බර් මස 30 වන දා ගෘහ සේවයට ගොස් ඇති අතර පසුගිය අගෝස්තු මස 24 වන දා එරටින් දැනුම් දී ඇත්තේ මෙම කාන්තාව සිය නිවස තුළදී ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි.

කෙසේ වෙතත්, තම වැඩිමහල් සොහොයුරියගේ මරණය සැක සහිත බැවින් ඒ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඇයගේ නැගණිය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.