ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට, තුන්දෙනෙකු ගැන සැක (වීඩියෝ)

Wednesday, 15 September 2021 - 8:26

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නාරාහේන්පිට ලංකා රෝහලේ පළමු මහලේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 3 දෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ විශේෂ අවදානය යොමු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නාරාහේන්පිට පොලිස් ස්ථානය සහ කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළව රෝහලේ ආරක්ෂක අංශයෙන් සහ රෝහලේ ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණි කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට අමතරව රෝහලේ සී.සී.ටී.වී. දර්ශණද පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මදුරු දඟරයක ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙම අත්බෝම්බය රෝහලේ පළමු මහලේ වැසිකිලියක කසල බදුනක තිබී ඊයේ දහවල් සොයා ගනු ලැබුවේ රෝහල් ආරක්ෂක අංශ විසින් කළ දැනුම්දීමකට අනුවයි.

කෙසේ වෙතත්, එය කවුරුන් විසින් එම ස්ථානයට රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

සක්‍රීය මට්ටමේ නොතිබුණු මෙම අත්බෝම්බය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත භාර දී තිබෙනවා.