අයිස් මත්ද්‍රව්‍ය සමඟ හතර දෙනෙක් අත් අඩංගුවට

Wednesday, 15 September 2021 - 8:32

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් මිලියන 79කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ තලෙයිමන්නාරම - ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් එහි දී පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි ඇසුරුම් 10ක තිබී මෙලෙස අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ 9යි ග්‍රෑම් 914ක්.