ගංජා වැවූ විශ්‍රාමික ලිපිකරු අත් අඩංගුවට

Wednesday, 15 September 2021 - 9:33

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොට්ටාව හොරහේන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගංජා වගාවක් කළ පුද්ගලයෙකු ඊයේ කොට්ටාව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කෙසෙල් වගාවක් කරන මුවාවෙන් මෙම ගංජා වගාව සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම වැටලීමේ දී ඉතා සූක්ෂමව වගා කර තිබූ අඩි හතරක් සහ අඩි දෙකහමාරක් උස ගන්ජා පැල හතරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු ක්‍රීඩා අමාත්‍යාංශයේ විශ්‍රාමික ලිපිකරුවකු වෙන 67 හැවිරිදි හොරහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.