කාශ්මීරයේ ළමයින්ගේ සහ ගැබිනි මව්වරුන්ගේ කොරෝනා ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව හෙළි වෙයි

Wednesday, 15 September 2021 - 10:10

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%84+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ කාශ්මීරයේ වයස අවුරුදු 18ට අඩු ළමයින්ගෙන් සියයට 78කගේ සිරුරුවල කොරෝනා ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව හෙළි වී තිබෙනවා.

ජුලි මාසය තුළ සමස්ත කාශ්මීරය ම ආවරණය වන පරිදි සිදු කළ වෛද්‍ය සමීක්ෂණයකින් මේ බව හෙළි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, කාශ්මීරයේ ගර්භණී මව්වරුන්ගෙන් සියයට 64කගේ සිරුරු තුළ ද කොරෝනා ප්‍රතිදේහ පවතින බව එහි දී අනාවරණ වී තිබෙනවා.

පාසල් වසා දමා ළමයින් සමාජයට පැමිණීම අවමව තිබිය දී සහ 18ට අඩු ළමයින් එන්නත්කරණයට ලක් නො කර තිබිය දී මෙලෙස ප්‍රතිදේහ වර්ධනය වීම සුවිශේෂී තත්ත්වයක් බව කාශ්මීර සෞඛ්‍ය අංශ සදහන් කළා.