පුහුණුවීම් ලබමින් සිටින උපාධිධාරීන්ට සුභ ආරංචියක්

Wednesday, 15 September 2021 - 11:41

%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B7+%E0%B6%86%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැනට පුහුණුවීම් ලබමින් සිටින උපාධිධාරීන් 53,000ක පිරිස මාස තුනක් ඇතුලත රාජ්‍ය ආයතනයන්හි සේවා සඳහා ස්ථානගත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම පවසනවා.

අධ්‍යාපන ඇමැති, දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර යන අයට එහි වගකීම පැවරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා.