නව මහ බැංකු අධිපති වැඩ අරඹයි (වීඩියෝ)

Wednesday, 15 September 2021 - 15:14

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරට විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගැනීමට තමන් අපේක්ෂා කරන බව නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අද ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ඔහු කියා සිටියේ විදේශ ණය අඩු කරගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

වරලත් ගණකාධිකාරිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල්, මෙරට මහ බැංකු අධිපති ධුරය දෙවරක් දැරූ පළමු පුද්ගලයා වනවා.

මීට පෙර ඔහු 2006 වසරේ සිට වසර 9 ක කාලයක් මහබැංකු  අධිපතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර, අද වැඩ භාරගත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය ධුරාවලියේ 5 වන ස්ථානයේ තැබීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.

මීට පෙර මහබැංකු අධිපතිවරයා එම ධුරාවලියේ පසුවුණේ 20 වන ස්ථානයේයි.

5 වන ස්ථානයේ කැබිනට් අමාත්‍යවරුන් ද සිටියා.