ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120000ක් ලබන සඳුදා දිවයිනට

Wednesday, 15 September 2021 - 16:50

%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%93+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+120000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000ක ප්‍රමාණයක් ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා මෙම එන්නත් ලබාදෙනු ඇති.

සඳුදා මෙරටට ලැබෙන ස්පුට්නික් මාත්‍රා තොගය දින තුනක් ඇතුළත ජනතාව වෙත ලබාදීම ආරම්භ කෙරෙන අතර, ඒ අනුව එළඹෙන සතිය අවසානය වනවිට එන්නත්කරණය අවසන් කිරීමට හැකිවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියා.

මහනුවර දිස්ත්‍රික්කයේ 150000ක පිරිසක් සඳහා ස්පුට්නික් එන්නත ලබාදී ඇති අතර එම දිස්ත්‍රික්කයේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එහි දෙවන මාත්‍රාව ලෙස මෙරටට ලැබුණු 30000ක ස්පුට්නික් එන්නත් අවස්ථා 2කදී ලබාදී තිබෙනවා.

ඖෂධ ආනයනය, ගබඩා කිරීම හා බෙදාහැරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන සමාලෝචන සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එලෙස මෙරටට ලැබීමට නියමිත ස්පුට්නික් මාත්‍රා තොගය දින 03ක් ඇතුළත මහනුවර දිස්ත්‍රික්කයේ පිරිස් වෙත ලබා දීම ආරම්භ කෙරෙන අතර ඒ අනුව එළඹෙන සතිය අවසන් වන විට එම එන්නත්කරණය අවසන් කිරීමට හැකිවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

මේ වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකට පූර්ණ එන්නත්කරණය සිදු කර අවසන් අතර ස්පුට්නික් එන්නත් තොගය මහනුවර ජනතාවට ලැබීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ඉක්ම වූ 99 %කට වඩා පිරිසක් එන්නත්කරණය කර අවසන් වන ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් තැබීමට කටයුතු නොකරන අතර  දිනෙන් දින වෙනස් වන තාක්ෂණය මුසු කර සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් කටයුතු කරන බැවින් අනවශ්‍ය ලෙස මුදල් වැය කරමින් නිකරුණේ ඖෂධ තොග තබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අත්‍යවශ්‍ය ඖෂධයන්හි පාවිච්චිය විශ්ලේෂණය කළ හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු අතර අනවශ්‍ය ලෙස ඖෂධ තොග ගබඩාකර ගැනීමේ අවශ්‍යතාවක් එමගින් මතු නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.   

“සෞභාග්‍යයේ දැක්ම” අනුව දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම යටතේ ඉදිරි වසර 04 අවසන් වන විට මෙරටට අවශ්‍ය සියලු ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනෙන බවයි ඔහු කියාසිටියේ.

ඊට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැපයීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.