තවත් කොරෝනා මරණ 132ක්

Wednesday, 15 September 2021 - 18:41

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+132%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත  තවත් මරණ 132ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 66ක් සහ පිරිමි පුද්ගලයන් 66ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11699ක් ලෙසටයි.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි අයෙක් මෙම මරණ අතරට අයත්.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 28ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 18ක් සහ කාන්තාවන් 10ක් වශයෙන්.

අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 101ක් වනවා. ඒ කාන්තාවන් 54ක් සහ පිරිමි 47ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 495851ක් හඳුනාගෙන ඇති අතර ඉන් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 57030ක්.

427254ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.