රාජකාරි ගැටළු ඉල්ලා අස්වීමට හේතුවූ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති කියයි (වීඩියෝ)

Wednesday, 15 September 2021 - 19:37

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තමාගේ ඉල්ලා අස්වීමට රාජකාරි ගැටළු ද බලපෑ බව වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම ප්‍රකාශ කළා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට දින කිහිපයකට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත යොමු කර තිබූ අතර, මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සහ එම්.බී. රෝහණ පුෂ්පකුමාර ද එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම 2019 වසරේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයට පත් වූ අතර, ඔහු වසර 20කට අධික කාලයක් එම මණ්ඩලයේ සේවය කර තිබෙනවා.

හදිසියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදියි ඔහු මේ බව සඳහන් කළේ.