වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් (වීඩියෝ)

Wednesday, 15 September 2021 - 19:51

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දෙමටගොඩල කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ මත්කුඩු වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසකට අද පස්වරුවේ ප්‍රහාරයක් එල්ල වුණා.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දෙමටගොඩ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ මත් කුඩු වැටලීමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් එහි ගොස් ඇත්තේ අද පස්වරු 3ට පමණ.

එහිදී නිලධාරීන් පිරිස ඉලක්ක කර ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු සැක පිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීමේදී මත්කුඩු ග්‍රෑම් 10ක් සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ අතර රුපියල් මිලියන 14 කට ආසන්න කේරල ගංජා කිලෝ 47 කට අධික තොගයක් මන්නාරම - වංකාලේහි ප්‍රදේශයේදී අද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.