සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නේ නම් විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ද කටුනායක ඉදිකෙරුණු නව පී.සී.ආර් පරීක්ෂණාගාරය මගින් කඩිනමින් කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදිය හැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ව හෝටල් නිරෝධායනයට බව පවසමින් සිදුකරන මුදල් ගසාකෑම් පිළිබඳව හිරු සිදුකළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුළින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කිරීම හරහා කලක පටන් සිදුකරන මුදල් ගසාකෑමේ ක්‍රමවේදය පිළිබඳව හිරු ප්රවෘත්ති හරහා අප පසුගිය දින කිහිපයේදීම දිගින් දිගටම අනාවරණය කළා.
මෙරටින් පිටව යන පුද්ගලයන්ට කටුනායක ගුවන් තොටුපලේදී කඩිනමින් කොවිඩ් පරීක්ෂණ සිදුකර මෙරටින් පිටත්කර යැවූවද, මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් දැඩි අසාධාරණයකට ලක් කරමින් නිකරුනේ හෝටල් නිරෝධායන සදහා යොමුකර ඒ සදහා අති විශාල මුදල් ගසාකෑමක් මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා.
අප කළ සොයාබැලීමේදී හෙළිවුයේ ඇතැම් හෝටල් කාමර කොවිඩ් වසංගතයට පෙර කෑම බීම ඇතුළු සියළු පහසුකම් සහිතව ලබා දී අය කළ මිල ගණන් ද ඉක්මවා යමින් මේ වන විට ඉන් දෙතුන් ගුණයකට අධික මුදලක් අසාධාරණ ලෙස අයකර ගන්නා බවයි.
මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ව එලෙස ගසාකෑම්වලට ලක් කල ද සංචාරක අමාත්‍යාංශය හරහා මෙරටට පැමිණෙන විදේශිකයන්ට පැය තුනකදී කොවිඩ් පරික්ෂණ සිදුකිරීමට නව ක්‍රමවේදයක් සකසා තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඉදිකර ඇති මෙම නව පරීක්ෂණාගාරය හරහායි.
එළඹෙන 20 වැනිදා විවෘත කිරීමට නියමිත මෙම පරීක්ෂණාගාරය තුලින් පැයකට පී.සී.ආර්. වාර්තා 500 ක් බැගින් දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 7000ක් පමණ සිදුකිරීමේ හැකියාව පවතිනවා.
සංචාරක අමාත්‍යාංශය විදෙස් සංචාරකයින්ට එවැනි පහසුකම් සපයා කඩිනමින් පී.සී.ආර්. වාර්තා ලබාදීමට පියවර ගෙන තිබියදී විදෙස් ශ්‍රමිකයන් හා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනීසිටිනා මෙරට වගකිව යුතු ආයතන ජනතාව ගසාකෑමට ඉඩ ලබාදෙනවා හැර අන්කිසිවක් කර තිබේ ද යන්න ගැටළුවක්.
තවමත් එම ආයතන සිදුකරමින් සිටින්නේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් කඩාවඩා ගැනීම උදෙසා තෝරාගත් හෝටල් හිමියන්ගේ මඩිය තර කිරීම පමණක් බව නොරහසක්.
කාලාන්තරයක් මුල්ල්ලේම සෞඛ්‍ය අමාත්‍යාංශය ද ඊට නොමද සහයක් ලබාදෙමින් ශ්‍රී ලාංකිකයන්ව හෝටල් නිරෝධායනයට පමණක්ම යොමුකරමින් මේ තෙක්ම කල් මැරීම විමතියට කරුණක්.
ඉන් මනාව පැහැදිලිවන්නේ හෝටල් නිරෝධායනයට ජනතාව යොමුකිරීම පිටුපස සිටිනා අදිසි හස්තයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය යට වී ඇති බව නොවේද ?
විදේශීය සංචාරකයන්ට පමණක් මෙම නව කොවිඩ් පරීක්ෂණාගාරය වෙන් කර තිබුන ද ඉල්ලීම් ලැබුන හොත් මෙම නව පී.සී.ආර් පරීක්ෂණාගාරයේ සේවය මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ටත් ලබාදිය හැකි බවයි සංචාරක අමාත්‍යවරයා පවසන්නේ.
මේ වනවිට ඩොලරයක වටිනාකම රුපියල් 200 ක් ලෙස සැලකුවහොත් මෙම ක්‍රමවේදය හරහා කොවිඩ් පරීක්ෂණ සිදුකර ගැනීම මගින් මෙරට ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ් පරීක්ෂණ සදහා වැයවන්නේ රුපියල් 8,000ක පමණ මුදලක්.
කාලයද ඉතුරු කරමින් රුපියල් 8000කින් පමණ පරීක්ෂණ කටයුතු නිමකර ගුවන්තොටුපලින්ම පිටව යාමට ශ්‍රී ලාංකිකයන්ටද හැකියාව පවතිද්දී හෝටල් නිරෝධායනයට පමණක්ම මෙරට වැසියන් යොමුකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ කාගේ මඩිය තරකිරීම සදහා ද ?

Follow US
Most Viewed Stories