බලශක්ති ඇමති කියන ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම මග (වීඩියෝ)

Wednesday, 15 September 2021 - 22:59

%E0%B6%B6%E0%B6%BD%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදෙස් ණය අර්බුදයෙන් මිදීමට ඇති එකම  මාර්ගය මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කිරීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කටුනායක ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මන්නාරම් ද්‍රෝණියේ පිහිටා ඇති ඛනිජ තෙල් සහ ස්භාවික ගෑස් නිධි ගවේෂණ කටයුතු සඳහා මෙරට තුල තාක්ෂණය නොමැති වීමෙන් ඒ සඳහා ජාත්‍යන්තර අයෝජකයින්ගේ සහය ලබා ගැනීමටයි මේ වනවිට අවධානය යොමුව ඇත්තේ.

එම ආයෝජකයින්ට අවශ්‍ය දත්ත රැස්කිරීමේ කාර්යය මේ වනවිට ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ බෙල් ජියෝස්පේස් ආයතනය විසින්.

ඒ සඳහා වූ ගවේෂණ ගුවන්යානය සහ එම කණ්ඩායම කටුනායක ගුවන්තොටුපල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories