සුනඛයෙකු සොරාගෙන අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙක් අත් අඩංගුවට

Thursday, 16 September 2021 - 8:26

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9B%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් 60,000 පමණ වටිනා ඩොබර්මන් වර්ගයේ සුනඛයෙකු සොරාගෙන අලෙවි කිරීමට අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියක් ගාල්ල - තෙලිකඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සැකකරු සුනඛයෙකු අලෙවි කිරීමට ඇති බවට අන්තර්ජාලයේ පළ කළ දැන්වීමක් දුටු සුනඛයාගේ සැබෑ හිමිකරුවන් පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කිරීමත් සමඟයි මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ තෙලිකඩ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුට කුකුළන් හතරදෙනෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා පවතින බවයි වාර්තා වෙන්නේ.

ඊයේ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ නියෝග කළා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහරිනු ලැබුවේ ගාල්ල - රෙජ්පුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories