කොතලාවල විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලීමක්

Thursday, 16 September 2021 - 8:33

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නීත්‍යනුකූල ලෙස සිවිල් සිසුන් බඳවා ගැනීම වහා අත්හිටුවන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලීමක් කරනවා.

පළමු උපාධි පාඨමාලා රැසක් සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ දැන්වීම් මෑත දින කිහිපය පුරා පුවත්පත්වල සහ සමාජ මාධ්‍යයේ පළ කර ඇති බවයි එම සම්මේලනය පෙන්වා දෙන්නේ.

දැනට රජයේ විශ්වවිද්‍යාලවල ජීව විද්‍යාව හා සම්බන්ධ විවිධ පාඨමාලාවල අධ්‍යයනයන් හි නිරත සිසුන් 100 දෙනෙකු පමණ කොතලාවල වෛද්‍ය පීඨය වෙත යොමු කරමින් එම විශ්වවිද්‍යාලයේ නීත්‍යනුකූල නො වෙන ක්‍රියාකාරිත්වයට රජය ද ආධාර අනුබල දෙමින් සිටින බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක චෝදනා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories