IPL බලන්න ක්‍රීඩාංගණවලට එන්න අවසර

Thursday, 16 September 2021 - 9:35

IPL+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිත අයි.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට පිවිසීමට අවසර ලබාදී තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදී කල් දැමුණු අතර, පසුව තීරණය කෙරුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමටයි.

ඒ අනුව බොහෝදුරට සියයට 50 ක ප්‍රේක්ෂකයන්  පිරිසකට ක්‍රීඩාංගණවලට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇති.