යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් දිවයිනට

Thursday, 16 September 2021 - 11:57

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලබන 27 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ කියා සිටියේ, දිවයිනට පැමිණෙන එම නියෝජිතයින් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු පාර්ශව රැසක් මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මෙරටට ලබා දී ඇති ජී.එස්.පී. ප්ලස් බදු සහනය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කරුණු සෙවීම, ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇති අතර, එම පනත සංශෝධනය කිරීම සඳහා රජය දැනටමත් තීරණයක් ගෙන ඇති බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

ඒ සඳහා දැනටමත් අමාත්‍ය අනුකමිටුවක් ද පත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories