කුසල් ජනිත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

Thursday, 16 September 2021 - 12:45

%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකානු සංචාරයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දු වාර විස්ස ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල 38 වන ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩිකොක් ද නැවත වාරයක් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතරට පැමිණීමට හැකිව තිබෙනවා.

ඒ අනුව ඔහු එහි රැදී සිටින්නේ 8 වන ස්ථානයේයි.

ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ එංගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මාලන් පසුවනවා.