විපක්ෂයේ මන්ත්‍රීවරු වී ගෝනි රැගෙන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවට

Thursday, 16 September 2021 - 12:59

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
වී සදහා පාලන මිලක් පැනවීමට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් වී ගෝනි ද රැගෙන අද එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. අප වාර්තාකරු සදහන් කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගොවීන් ලෙස සැරසී මෙලෙස වී ගෝනි ද රැගෙන විරෝධතාවයේ නිරත වූ බවයි.

පසුව එලෙසින්ම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට ද මොවුන් සහභාගි වී තිබෙනවා.

විරෝධතාවේ නිරත වූ මන්ත්‍රීවරුන් සඳහන් කළේ, පාලන මිල හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්නට නිසි මිලක් නොලැබීම හරහා ගොවිජනතාව අපහහසුතාවට පත්ව ඇති බවයි.

මේ අතර, අනුරාධපුර - පරසන්ගස්වැව - පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ පිහිටි ලියාපදිංචි නොවූ ගබඩාවක සඟවා තිබූ වී කිලෝ ලක්ෂ දෙක හමාරකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය යටතට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒවා ලොරි රථ යොදාගෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත රැගෙන ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ නාඩු, සම්බා, කීරි සම්බා සහ කැකුළු වී තොග මෙම ගබඩාවේ තිබුණු බව සඳහන් වෙනවා.