රෝගීන් අඩු වුවත් අවදානම තවදුරටත් සෞඛ්‍ය අංශ කියයි (වීඩියෝ)

Thursday, 16 September 2021 - 13:05

%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සැප්තැම්බර් 6 වැනි දා සිට 14 වැනි දා දක්වා කාලය තුළ දින දෙකක් හැර අන් සියලු ම දිනයන්හි මෙරටින් වාර්තා වූ දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,000 ඉක්මවා තිබෙනවා.

ඒ, අදාළ දිනවල තහවුරු කිරීම ප්‍රමාද වූ ආසාදිතයින් 3,152 දෙනෙකු වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ඊයේ දිනයේ දී මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාවට එකතු කිරීමත් සමඟයි.

අලුතින් එක් කරන ලද ආසාදිතයින් 3,152 සැප්තැම්බර් හය වැනි දා සිට 14 වැනි දා දක්වා දින අට අතර සාමාන්‍ය ආකාරයට බෙදී ගියේ නම්, එම දිනවල දෛනිකව වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට නව ආසාදිත‍යින් 394 දෙනෙකු පමණ එක්විය යුතුයි.

ඒ අනුව ගත් විට අදාළ දිනවල දින දෙකක් හැර සෙසු සියලු ම දිනයන්හි වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා යනු ඇති.

මෙම පසුබිම තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඩු වෙමින් පවතින බව ප්‍රකාශ කළ හැකි ද යන්න ගැටලු සහගතයි.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතියක් සිදු කළ මවක් කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය - අලවෙට්ටි ප්‍රදේශයේ 42 හැවිරිදි මවකයි ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

දරු ප්‍රසූතිය ආසන්නයේ දී ඇයට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කළ පරීක්ෂාවක දී කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

දරු ප්‍රසූතියෙන් පසුව ඇයගේ රෝග තත්ත්වය උත්සන්න වීමෙනුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කෙසේ වෙතත් ඇය විසින් බිහි කළ දරුවාට කොරෝනා ආසාදනය වී ඇත් ද යන්න පිළිබඳව තොරතුරු වාර්තා වී නැහැ.

එමෙන්ම කොරෝනා මෘත දේහයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මුලතිව් කෝකිලායි ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරලී යාමෙන් අනතුරට ලක් ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ අදාළ ලොරි රථය මෙලෙස අනතුරට ලක් ව ඇති අතර, අනතුරෙන් රියදුරු සහ තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව වෙනත් රියදුරෙකු යොදවා කොරෝනා මෘත දේහය ආදාහනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය සහ ඉන් ජනතාවට එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් ඌරුවරිගේ වන්නිලැත්තන් සිය බිරිඳගේ මරණයෙන් පසු පළමු වරට මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.