බැංකොක් නුවර යළි විවෘත වෙයි

Thursday, 16 September 2021 - 13:12

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොවිඩ් ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු තායිලන්තයේ බැංකොක් අගනුවර ලබන 15 වැනි දා සිට සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එරට සමස්ත ජනගහණය සියයට 70 ඉක්ම වූ පිරිසකට එන්නත්කරණය සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි මෙලෙස රට විවෘත කිරීමට සැලසුම් සකස් කර ඇත්තේ.

සංචාරක ක්‍ෂේත්‍රය මූලික කරගත් තායිලන්තයේ ආර්ථිකය කොවිඩ් ව්‍යාප්තියත් සමඟ රට වසා දැමීම හේතුවෙන් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පොදු ප්‍රවාහන කටයුතු තාවකාලිකව නතර කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

එසේම මෙල්බර්න් නුවර වසා දැමීමට එරෙහිව සති අන්තයේ නගරවාසීන් විරෝධතාවක් පැවැත්වීමට සංවිධාන කර තිබෙනවා.

එය මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි වාර්තාවෙන්නේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ නම් ඇමරිකානු ඩොලර් 4,000ක දඩයක් පැනවීමට ද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

එසේම ඕස්ටේ්‍රලියාවේ වසා දමා ඇති ප්‍රදේශවල මෙන්ම දැඩි සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙන සායන පවත්වන ස්ථාන වැඩි වශයෙන් විවෘත කර ඇති බවයි වාර්තාවෙන්නේ.

සංචරණ සීමා හේතුවෙන් පුද්ගලයින්ගේ මානසික ආතතිය ඉහළ යාම ඊට හේතු වී තිබෙනවා.