සෞඛ්‍ය ඇමති රසායනාගාර වෘත්තිය සමිති හමුවෙයි

Thursday, 16 September 2021 - 13:21

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් හෝටල් නිරෝධායනය සඳහා යොමු කිරීමෙන් සිදු කෙරෙන මුදල් ගසාකෑම් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ අනාවරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා රසායනාගාර වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේ දී මෙම තත්ත්වය වෙනස් කිරීම පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පළ වූ බවයි ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.