පොළොන්නරුව - ජයසිරිපුර ගම හරහා බකමූණ දක්වා දිවෙන මාර්ගය අබලන් (වීඩියෝ)

Thursday, 16 September 2021 - 13:56

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+-+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B6%9A%E0%B6%B8%E0%B7%96%E0%B6%AB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොළොන්නරුව - ජයසිරිපුර ගම හරහා බකමූණ දක්වා දිවෙන කිලෝ මීටර් 7.5ක දුරකින් යුතු මෙම මාර්ගය මීට වසර 5කට පෙර ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇත්තේ වසර 50කට පමණ පසුව බව වාර්තා වෙනවා.

නමුත් එහි වැඩ මෙතෙක් අවසන් වී නැහැ.

මාර්ගයේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් කිහිපදෙනෙකුටම අවස්ථා කිහිපයක දී බාර දී ඇතත් ඔවුන් සියලුදෙනා එය අතරමග නවතා දමා ගොස් තිබෙන බවයි ගම්වාසින් පවසන්නේ.

අවසන් වරට මෙහි ඉදිකිරීම් භාරගත් කොන්ත්‍රාත්කරුද මේ වන විට වැඩ කටයුතු අතරමඟ නවතා දමා ඇති අතර ඔහු ප්‍රමිතියකින් තොරව පස් සහ ගල් මාර්ගයේ අතුරා තිබෙනවා.

ප්‍රදේශයේ ගොවි පවුල් 2000ක පමණ පිරිසක් දෛනිකව භාවිත කරන මෙම මාර්ගය අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඔවුන් විදින දුක් ගැහැට සුළු පටු නැහැ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙලෙස ප්‍රමිතියකින් තොර අමුද්‍රව්‍ය භාවිත කරමින් මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව දී බලධාරීන් මුනිවත රකින බවයි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories