ඇවිදින මංතීරුවක් නිසා තවත් වැවක් විනාශ වෙන ලකුණු (වීඩියෝ)

Thursday, 16 September 2021 - 14:17

%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අවිධිමත් ලෙස ඉදිකෙරෙන ඇවිදින මංතීරුවක් නිසා මොණරාගල ප්‍රදේශයේ ඉපැරණි වැවක් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

පවතින තත්ත්වය හේතුවෙන් සිය වගා කටයුතු වලටද බලපෑම් එල්ලවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වැව මොනරාගල - නෙළුම්වැව, මඩුල්ල නගරාසන්නයේ පිහිටා ඇති වසර 60ක් පමණ පැරණි වැවක්.

එම වැව් ජලයෙන් කුඹුරු අක්කර 800ක් පමණ වගා කෙරෙනවා.

මෙම වැව වටා ඇවිදින මංතීරුවක් ඉදි කෙරෙන ආකාරය මේ දිනවල දැක ගත හැකියි.

ගොවි ජනතාව පවසන්නේ මෙම අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් වැව ගොඩවීමේ අවදානමක් මතුව ඇති බවයි.

වැව් රක්ෂිතයේ පිහිටි ඉපැරණි පරිසර පද්ධතියක්ද විනාශ කර දමා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.