හිරු පුවතට ජනපතිගේ අවධානය - නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතර වෙයි (වීඩියෝ)

Thursday, 16 September 2021 - 14:29

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් අවදානම් තත්ත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට බලහත්කාරයෙන් යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති සිදුකළ හෙළිදරව්වත් සමඟ රජය එම තත්ත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වී තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී විදේශයන් හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයයින් ගුවන්තොටුපොළේ දී සිදුකෙරෙන කොවිඩ් පරීක්ෂණයෙන් අනතුරුව හෝටල් වෙත යොමුකිරීමකින් තොරව පැය කිහිපයක් තුළ මුදාහැරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා.

මෙම පුවත කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව අවශ්‍යනම් නිවෙස් නිරෝධායනය සඳහා මුදාහරින ලෙසයි.

ඒ අනුව පැය කිහිපයක් තුළ දී කොරෝනා පරීක්ෂණ ගුවන් තොටුපොළේදී ම සිදු කොට ශ්‍රී ලාංකික ගුවන් මඟීන් ඉන් මුදාහැරීමටයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පැවති සාකච්ඡාවක දී තීරණය කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රසායන වෘත්තියවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඒ අනුව හිරු අනාවරණය ඵල දරමින් අතරමැදි තැරැව්කරුවන් හරහා හෝටල් නිරෝධායනයට ජනතාව යොමු කර මුදල් ගසා කෑම අවසන් වනු ඇති.

කටුනායක - බණ්ඩාරනායක ගුවන් තොටුපල හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන්  හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදුකළ මහ පරිමාණ මුදල් ජාවාරම පිළිබඳව අප රටට හෙළි කළේ පසුගිය 12 වන දිනයි.

ජනතා විමුක්ති  පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ මෙය සංවිධානාත්මක ලෙස මුදල් ගසාකෑමක් බවයි.

ඉකුත් දින කිහිපය පුරා අප මෙලෙස තොරතුරු වාර්තා කළ අතර වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පසුගිය සඳුදා මෙම ජාවාරම පිළිබදව අනාවරණයක් සිදුකළා.

අප හෙළිකළ මෙම ජාවාරම ගැන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අවධානය යොමුව තිබූ අතර, ඔහු ඒ පිළිබඳව ජනාධිපතිවරයාද දැනුවත් කළ බව ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව දින ගණනාවක් තිස්සේ අප සිදුකළ අනාවරණයෙන් පසුව ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදුකළ මුදල් ගසාකෑමේ ජාවාරම ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් නතර කර දැමීමට අද තීරණය කර තිබුණා.

ඒ අනුව ඉදිරි සති දෙක තුළදී නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර, එන්නත් දෙකම ලබා ඇත්නම් ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රසායනාගාරය මගින් සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව ආසාදිතයින් නොවන්නේ නම් ගුවන් මගීන්ට සිය නිවෙස් කරා යාමට හැකි බව ද අමාත්‍යවරයා සදහන් කළා.

අප කළ අනාවරණයෙන් පසුව මෙම ජාවාරම නතර කර දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අදහස් පළ කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් අදෘශ්‍යමාන හස්තයන්ගේ බලපෑමෙන් කලක් පුරා මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාව පත් කළ පීඩාවට, නිරෝධායන හෝටල්වල මුදල් කොල්ලය හෙළි කළා සේම ජනතා ගැටළු වෙනුවෙන් ඉදිරියේදීත් අපි නොබියව පෙනී සිටීමට සූදානම්.