පිටිකිරි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් මිලදී ගත යුතු බවට බලපෑම් කළ වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට

Thursday, 16 September 2021 - 15:09

%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිටිකිරි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් හයක් අනිවාර්යයෙන් මිලදී ගත යුතු බවට පාරිභෝගිකයින්ට බලපෑම් කළ වෙළඳසැල් හිමියෙකු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව නගරයේ වෙළඳසැල් හිමියෙක්.

බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියට ලද පැමිණිල්ලකට අනුවයි මෙම වෙළඳසැල් හිමියා අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් හයක් අනිවාර්යයෙන් මිලදී ගත යුතු බවට ඇතැම් වෙළදුන්, පාරිභෝගිකයින්ට සිදුකරන බලපෑම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

වෙළදපළේ කිරිපිටි හිඟවීමත් සමග එම සමාගම් විසින් නව ක්‍රමවේදයක් ලෙස මෙය හදුන්වා දී ඇති බවටයි පාරිභෝගිකයින් එම අධිකාරියට පැමිණිලි කර ඇත්තේ.

පසුගිය 13 වන දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ සම්බන්ධයෙන් අනාවරණ කළා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවදානය යොමු වීමෙන් පසු මෙලෙස භාණ්ඩ අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර අද දිනයේ දියතලාව නගරයේ එවැනි වෙළදසැලක් එම අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා තිබෙනවා.

එම වෙළදසැල් හිමියා විසින් පාරිභෝගිකයෙකුට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමේදී යෝගට් 6ක් අනිවාර්යෙන් මිලදී ගත යුතු බවට බලපෑම් කර ඇති අතර එම වෙළදසැල් හිමියාට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත මගින් වෙළෙන්දෙකු විසින් භාණ්ඩයක මිල ගෙවීම හැර වෙනත් කිසිදු කොන්දේසියක් ගැනුම්කරුවෙකුට පැනවීම වරදක් බව දක්වා තිබෙනවා.