ප්‍රංශයේ එන්නත් නොගත් සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ තහනම්

Friday, 17 September 2021 - 8:55

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොවිඩ් මර්දන එන්නත් ලබා නො ගත් සෞඛ්‍ය සේවකයින් 3,000කට අධික පිරිසකගේ වැඩ තහනම් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රංශයේ මිලියන 2.7ක් වු සියලු‍ සෞඛ්‍ය සේවකයින්ට කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කරමින් එරට රජය නව නීතියක් හඳුන්වා දී තිබූ පසුබිමක යි.

කෙසේ වෙතත් සැප්තැම්බර් මස 15 වන දිනට පෙර සියලු‍ සෞඛ්‍ය සේවකයින් කොවිඩ් මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත යුතු අතර එසේ නොමැති සියලු‍ පුද්ගලයින් සිය රැකියාවෙන් ඉවත්විය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories