ඇෆ්ගනිස්ථානයෙන් පිට වීමට පෙර, සිදු වූ ප්‍රහාරයක් ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්

Saturday, 18 September 2021 - 7:48

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තම හමුදා ඉවත් කර ගැනීමට දින කිහිපයකට පෙර ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 10 දෙනෙකු මියගිය බවට ඇමරිකාව පිළිගෙන තිබෙනවා.

එක්සත් ජනපදයේ මධ්‍යම අණ දෙන විමර්ශනයකින් හෙළි වූයේ අගෝස්තු 29 වැනි දා එල්ල කළ මෙම ප්‍රහාරයෙන් සහන සේවකයෙකු සහ ඔහුගේ දරුවන් 7 දෙනෙකු ඇතුළු ව පවුලේ සාමාජිකයින් 9 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙම පිරිස අතර වයස අවුරුදු 2ක ළමයෙකු ද වෙනවා.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු ව ත්‍රස්ත ඉලක්කයක් ලෙස සිතා වැරදීමකින් මෙම සහන සේවකයා ඇතුළු පවුලේ පිරිස ගමන් ගත් මෝටර් රථයට ඇමරිකාව ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories