දිනක් තුළ ලොව වැඩි ම එන්නත්කරණය ඊයේ ඉන්දියාවේ දී

Saturday, 18 September 2021 - 10:05

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93
දිනක් තුළ සිදු කළ වැඩි ම එන්නත්කරණය ඊයේ ඉන්දියාවේ දී සිදු කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලයින් මිලියන 25කට මෙලෙස එන්නත් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වැනි ඡන්ම දිනය ඊයේ යෙදී තිබුණු අතර, ඊට සමගාමීව යි මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ.

මේ වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,415,889ක් ලෙස දැක්වෙන අතර, ගත වූ පැය 24 නව ආසාදිතයින් 35,367ක් ද වාර්තා වී තිබෙනවා.

සමස්ත මරණ 444,563 දක්වා ඉහළ ගොස් තිබුණේ, ගත වූ පැය 24 සිදු වූ මරණ 285ත් සමඟ යි.

ලොව වැඩි ම ආසාදිතයින් වාර්තා වී ඇති රටවල්වලට අනුව ඉන්දියාව පසු වෙන්නේ දෙවන ස්ථානයේ යි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories