ඇෆ්ගනිස්ථානයේ ළමයින්ගේ ආරක්ෂාව ගැන ජගත් සංවිධානයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ඉල්ලීමක්

Saturday, 18 September 2021 - 13:02

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇෆ්ගනිස්ථානයේ පැවති යුද ගැටුම් හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ ළමයින් 1,682ක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, එය එරට සමස්ත තුවාලකරුවන්ගෙන් සියයට 32ක් තරම් ඉහළ ප්‍රතිශතයක් ගන්නා බවයි.

ඇෆ්ගනිස්ථානයේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ජගත් මහ ලේකම්වරයාගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ විශේෂ නියෝජිත වර්ජිනියා ගැම්බේ ප්‍රකාශ කළා.

මේ අතර ළමයින් සන්නද්ධ ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්ද තලේබාන් සංවිධානය වෙත අනතුරු අඟවා තිබෙනවා.