ඕස්ට්‍රේලියාවේ විරෝධතාවල නිරතවූ 287 ක් අත්අඩංගුවට

Saturday, 18 September 2021 - 16:21

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+287+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ සිඩ්නි හිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම්වලදී පුද්ගලයන් 287දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැටුම්වලදී පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙල්බර්න් නුවරට රැස්වූ විරෝධතාකරුවන් 700 කට අධික පිරිසක් විසුරුවා හැරීමට ගම්මිරිස් ප්‍රහාරද එල්ල කර ඇති බව සඳහන්.

එම නුවරවල ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරීන් 2,000 ක් පමණ අනුයුක්ත කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් නගර වසා දැමීමට විරෝධය පළ කරමිනුයි මෙම විරෝධතා සංවිධාන කර තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories