නිරෝධායන ඇඳිරි නීතිය මැද අදත් සුරාසැල් ඇරේ -තීරණය ගැන නොදන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි(වීඩියෝ)

Saturday, 18 September 2021 - 19:46

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B7%9A+-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම සඳහා කිසිවිටකත් අනුමැතිය ලබා දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එසේම මේ පිළිබඳව කිසිවෙකුත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවටයි හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ.

ඊයේ මෙන්ම අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් විවෘත කර තිබුණේ නිරෝධායන ඇඳිරි නීතිය නොතකමින් සුපිරි වෙළඳසැල් ආශ්‍රිත මත්පැන් අලෙවිසැල්ද එලෙස විවෘත කර තිබූ අතර, පුද්ගලයින් නිරෝධායන නීතිරීති කඩකරමින් මත්පැන් මිලදී ගන්නා අයුරු දක්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගේ විරෝධය එල්ලවී ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කරමින් පවතින මොහොතක මත්පැන් මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන නීතිරීති කඩකිරීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ මේ හරහා ඉදිරියේදී මත්පැන් පොකුරක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවැනි එක්රැස්වීම්වලින් කොරෝනා පොකුරු නිර්මාණය විය හැකි බවයි.

එසේම ජනතාවට භාණ්ඩ ලබාගැනීමේ අයිතිය මෙන්ම රජයට ආදායම් ඉපයීමේ අවශ්‍යතාව ගැන තම සංගමයට අවබෝධයක් පවතින බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව සිදුවිය හැකි හානි අවම කරමින් පාරිභෝගිකයන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට විධිමත් ක්‍රියාමාර්ගයක් සකස් කිරීම සිදුකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මත්පැන් භාවිත කරන ඉතා සුළු පිරිසක් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම, කොරෝනා වෛරසය පාලනය කිරීමට අහිතකර ලෙස බලපානු ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා ද ප්‍රකාශ කරන මොහොතක ඒ පිළිබඳව විමසීමට අප අවස්ථා රැසකදි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූ නමුත් එය ව්‍යර්ථ වුණේ ඔවුන් කිසිවෙකුත් දුරකථනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.


    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories