බොක්සිං ශූර පැකියාවෝ පිලිපීන ජනාධිපතිවරණයට

Monday, 20 September 2021 - 8:41

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9D+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
පිලිපීන බොක්සිං ශූර මැනී පැකියාවෝ එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළා.

ලබන වසරේ පැවැත්වෙන පිලිපීන ජනාධිපතිවරණයේ දී 42 හැවිරිදි පැකියාවෝට එරට වත්මන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටරෙට්ගේ දියණිය සාරා ඩුටරෙට් කාපියෝ සමඟ තියුණු තරගයකට මුහුණ දීමට සිදු වනු ඇති.

මැනී පැකියාවෝ බර පන්ති අටකින් බොක්සිං ලෝක ශූරතා 12ක් ජයග්‍රහණය කළ ලොව එක ම බොක්සිං ක්‍රීඩකයා වන අතර, 2019 වසරේ ජූලි මාසයේ ලොව වයස්ගත ම වෙල්ටවේට් බොක්සිං ශූරයා බවට පත්වූයේ 40වන වියේදී යි.

පැක් මෑන් යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන පිලිපීනයේ ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන මැනී පැකියාවෝ මේ වනවිට එරට සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories