රුසියානු පාර්ලිමේන්තුවේ බහුතරය නැවතත් පුටින්ගේ පක්ෂයට

Monday, 20 September 2021 - 15:27

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඊයේ අවසන් වූ රුසියානු මහ මැතිවරණයෙන් ජනපති ව්ලැදිමීර් පුටීන්ගේ යුනයිටඩ් රුසියා පක්ෂයට බහුතර මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිවී තිබෙනවා.

සියයට 85ක ඡන්ද ගණනය අවසන් වීමෙන් පසු පුටිීන්ගේ පක්ෂයට සියයට 49 යි දශම 7යි 6ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ අතර, කොමියුනිස්ට් පක්ෂයට සියයට 19 යි දශම 6 යි 1 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණා.

කෙසේ නමුත්, ජනපති පූටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් රැසකට මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව හිමි නොවූ අතර, මැතිවරණ දූෂණ පිළිබඳවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මෙවර මැතිවරණ ප්‍රතිඵලයට අනුව ඩූමා හෙවත් ආසන 450 කින් යුත් රුසියානු පාර්ලිමේන්තුවෙන් යුත් ආසන 315ක් පමණ ජනපති පුටීන්ගේ යුනයිටඩ් රුසියා පක්ෂයට හිමිවනු ඇති.

පසුගිය පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධූර සංඛ්‍යාව 334 ක්.

රුසියානු විපක්ෂය ප්‍රකාශ කළේ යුනයිටඩ් රුසියා පක්ෂයේ ජනප්‍රියත්වය ඉතිහාසයේ අවම මට්ටමට පත්ව ඇති මොහොතක ඊට ජය අත්කර දුන් මෙම මැතිවරණය අන්ත දූෂිත එකක් බවයි.