අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක මිල ගැන අවසන් තීන්දුව මේ සතියේ

Tuesday, 21 September 2021 - 13:04

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
කිරිපිටි, තිරිඟු පිටි, සහල් සහ සිමෙන්ති මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මේ සතියේ දී අවසන් තීන්දුවකට එළැඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නව 'කිව් ෂොප්' අලෙවිසැලක් අද විවෘත කිරීමේ අවස්ථාවට එක් වීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.