වැලි, පස් සහ කළුගල් ප්‍රවාහන බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීමේ වැඩපිළිවෙළක්

Tuesday, 21 September 2021 - 15:17

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%9A%E0%B7%8A
වැලි, පස්, බොරලු සහ කළුගල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ලබාදීමේ වැඩපිළිවෙළක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලබන මස 30 වන දා සිට අදාළ බලපත්‍ර ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලබාගත හැකි බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

සේවාවන් ලබා ගැනීම සඳහා රජයේ කාර්යාල වෙත පැමිණෙන ජනතාව අවම කිරිම සහ ප්‍රවාහන බලපත් නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම මෙහි අරමුණ බවයි  පරිසර අමාත්‍යාශයේ අද පැවැති මාධ්‍ය හමුවක දී විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් වසරකට නිකුත් කෙරෙන ප්‍රවාහන බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවනවා.

එමෙන්ම, මෙම වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති ප්‍රවාහන බලපත්‍ර ප්‍රමාණය 777,000ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories