උසස්පෙළ විභාගය කල් දමන ලෙස සිසුන්ගෙන් ඉල්ලීම් (වීඩියෝ)

Tuesday, 21 September 2021 - 19:52

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරටට බලපෑ කොවිඩ් අවදානමත් සමඟ වසර එක හමාරක පමණ කාලයක් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුලු‍මනින්ම අඩාල වී තිබෙනවා.

එවන් පසුබිමක වැටුප් විෂමතා ගැටලු‍ව මුල් කරගනිමින් ගුරුවරුන් ද ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති අරගලයකට අවතීර්ණ වීමත් සමඟ දරුවන්ට සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි.

මේ හේතුවෙන් මෙවර උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ උසස්පෙළ විභාගය කල් දමන ලෙසයි.

මේ අතර 2020 උසස් පෙළ විභාගවල ප්‍රතිඵල අනුව 2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් විශ්වවිද්‍යාල අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත අද ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ නමුත්, ඊට අදාළ ඉසෙඩ් ස්කෝර් අගයන් ලබන මාසයේ නිවේදනය කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් නඩුවකදී ලබාදුන් නියෝගයකට අනුව 2020 වසරේ උසස් පෙළ විභාගය සඳහා නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටි සිසුන් වෙන්ව කාණ්ඩ දෙකක් වශයෙන් සැලකීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කළා.