නිව්යෝක් නුවර විදේශ ඇමති සමුළුව අවලංගු කෙරේ

Wednesday, 22 September 2021 - 10:28

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන ජගත් සංවිධාන මහා මණ්ඩල සමුළුවට සමගාමී ව සංවිධාන කෙරෙන සාර්ක් විදේශ අමාත්‍යවරුන්ගේ හමුව අවලංගු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ද සහභාගීත්වය සහිත ව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත ව තිබූ මෙම හමුව අවලංගු කිරීමට හේතු වී ඇත්තේ, පාකිස්තානය සිදු කළ යෝජනාවක් බවයි ඉන්දියාව සඳහන් කළේ.

එම හමුවට ඇෆ්ගනිස්ථාන නියෝජිතයෙකු සහභාගී කළ යුතු බව පාකිස්තානය යෝජනා කර ඇති බව සඳහන්.

කෙසේ නමුත්, එකඟත්වයක් නො මැති නිසා, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් ඊට විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයට අසුනක් වෙන් කළ ද එය හිස් ව තැබිය යුතු බවයි.

පාකිස්තානය ඊට එකඟ නො වීම නිසා මෙම හමුව අවලංගු කර තිබෙනවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ නීත්‍යානුකූල රජය ලෙස ඉන්දියාව විසින් මෙතෙක් පිළිගෙන නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories