දේශීය කිරිපිටිවල මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් (වීඩියෝ)

Wednesday, 22 September 2021 - 13:07

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B6%82%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ආනයනික කිරිපිටිවල මිල ඉහළ නැංවීමට සමගාමී ව දේශීය කිරිපිටිවල මිල ද ඉහළ නැංවීමට රජය විසින් පියවර ගත යුතු බව දේශීය කිරි නිෂ්පාදන සමාගම් පවසනවා.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ සඳහන් කළේ, කිරි තේ සාදා ගැනීම සඳහා කිරිපිටි වෙනුවට දියර කිරි භාවිතයට යොමු වීම පාරිභෝගිකයන්ට වඩා ලාභදායී බවයි.

එමෙන්ම එලෙස දියර කිරි භාවිතයට යොමු වීම, පවතින කිරිපිටි හිඟය තුලින් මතු ව ඇති ගැටලුකාරී තත්ත්වයන්ට විසඳුමක් වන බව ද ඔහු පෙන්වා දෙනවා.

වෙළඳපොළේ තවදුරටත් කිරිපිටි හිඟයක් පවතින අතර, පාරිභෝගිකයින් සඳහන් කරන්නේ රට තුල පවතින තත්ත්වය තුළ කිරිපිටි මිල ද ඉහළ දැමීම තුළින් තමන් දැඩි අපහසුතාවට පත්වෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories