පොත් අලෙවිසැල් විවෘත කිරීමට පියවර

Wednesday, 22 September 2021 - 13:59

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
නිරෝධායන ඇඳිරි නීති සමයේ වසා දමා ඇති පොත් අලෙවිසැල් යළි විවෘත කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙසට පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ, පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ, වසර එක හමාරක් රට වරින්වර වසා තැබීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවකට පත් ව ඇති බවයි.

එමෙන්ම, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමේ දී අවශ්‍ය පොත් මිල දී ගැනීමට නො හැකි වීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත් වී සිටින බව එම ඉල්ලීමේ සඳහන්.

ඒ අනුව පොත් අලෙවිසැල් විවෘත කර තැබීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories